ඌව පළාත් රණවිරු සැමරුම බදුල්ලේ දී
ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව, ඌව පළාත් ආණ්ඩුකාර
කාර්යාලය සහ රණවිරු සේවා අධිකාරිය ඒකාබද්ධව සංවිධානය කරන ලද ඌව පළාත් රණවිරු සැමරුම් උත්සවය පසුගියදා බදුල්ල රණවිරු ස්මාරකය අබියසදී පැවැත්විණි.
එම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර ලේකම් මංගල විජේනායක, රණවිරු
සේවා අධිකාරියේ ඌව පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ චන්දන අබේවර්ධන, බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික් වැඩසටහන්
නිධාරීන්, බදුල්ල දිස්ත්‍රික්කයේ රණවිරු සංසදයන්හි නියෝජිතයන් හා දිවි පිදූරණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.