මීරිගම කර්මාන්ත පුරයෙන් රණවිරු කොඩියට සම්මාදමක්

රණවිරු සුබසාධනය උදෙසා දායක වීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් මීරිගම ආයෝජන ප්‍රවර්ධන කලාපයේ අධ්‍යක්ෂ එම් සුභසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සහ කර්මාන්ත පුරයේ රැකියාවේ නිරත සේවක සේවිකාවන් විසින් රණවිරු කොඩිය සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙන ලදී.
රණව්රු සේවා අධිකාරියේ බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ධම්මිකා ෂෙල්ටන් මහත්මියගේ නායකත්වයෙන් සිදු කෙරෙන මෙම වැඩසටහන සඳහා මහජනතාවගෙන් විශාල සහයෝගයක් ලැබෙමින් පවතී.