කැස්බෑව රණවිරු සංසදය - කොළඹ දිස්ත්‍රික්කය

කැස්බෑව ප්රාදේශීය ලේකම් කාර්්‍යාලයට අයත් රණවිරු පවුල් 123ක් සදහා වියලි ආහාර ද්රව්ය ලබාදුන් පිළියන්දල චන්දුල සමූහ ව්‍යාපාරයේ අධිපති චන්දුල මැතිතුමාට අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරමු. කැස්බෑව විජයසුන්දර ආරාමාධිපති ඉන්ද්‍රානන්ද හිමි එම විහාරස්ථානය තුළ රණවිරු පවුල් සදහා වියළි ආහාර පිරිනැමීමේ අවස්ථාව ලබා දීම පිළිබද ස්තූතිය පුද කරමි. මේ සදහා සහයෝගය ලබා දුන් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්්‍යාලයේ ගරු ලේකම්තුමාටත් එම කාර්ය මණ්ඩලයටත් සම්බන්ධීකරණය කර දුන් බස්නාහිර පළාත් සභාවේ හිටපු ගරු පළාත්සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මන්ත්‍රී තුමාටත්, ඇදිරි නීති අවස්ථාවේ අවසර පත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන් පිලියන්දල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමාට සහ මෙම වියළි සලාක දින තුනක් තුළ බෙදා දීම් කටයුතු සිදුකළ සංසදයේ ගරු ලේකම් තුමියටත් ප්‍රධාන සංවිධායක තුමාටත් පොලිසිය වෙනුවෙන් නියෝජනය කරන එම මහතාටත්, ක්‍රීඩා කටයුතු නියෝජනය කරන එම කාරක සභික මහතාටත් ප්‍රවාහන කටයුතු වලදී සහයෝගය ලබා දුන් එම සියලු දෙනාටත් අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරමි.