මාතලේ දිස්ත්‍රික්කයේ රණවිරු දරුවන් උදෙසා වෘත්තීය මාර්ගෝපදේශනයක්

මාතලේ දිස්ත්‍රික්කයේ රණවිරු දරුවන් රැකියාගත කිරීමේ මූලික පියවරක් වශයෙන් Zoom තාක්ෂණය හරහා වෘත්තීය මාර්ගෝපදේශන අවස්ථාවන් හදුන්වාදීමේ වැඩසටහනක්, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයයේ දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය මෙහෙයවීමෙන් පසුගිය දා පැවැත්විණි.
මාතලේ දිස්ත්‍රික්කයේ රණවිරු දරුවන් 16 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සදහා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය ,කාර්මික විද්‍යාලය ,හෝටල් පාසල ,තරුණ සේවා සභාව ,ජාතික යොවුන් සේනාංකය යන ආයතන සම්බන්ධ විය.