13 වන ජාතික රණවිරු සැමරුමට සබරගමු පළාත ඒක් වෙයි
සබරගමුව පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ රණවිරු අධිකාරිය එක්ව සංවිධානය කරන ලද
සබරගමුව පළාත් රණවිරු සැමරුම් උත්සවය පසුගියදා රත්නපුර නව නගරයේ පිහිටි රණවිරු ස්මාරකය අසල දී ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම අවස්ථාවට සබරගමු පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, ආණ්ඩුකාර ලේකම් එච්.ඩී. සිසිර, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම, ආණ්ඩුකාර පුද්ගලික ලේකම් මංජුලා ඉඳිගහවෙල, රණවිරු අධිකාරියේ පළාත් නිලධාරී රෝහණ විජේරත්න , රත්නපුර නිලධාරී පී.ආර්.ජී. විජයවික්‍රම යන මහත්ම මහත්මීන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින් ඇතුළු රණවිරු සංසද නියෝජිතයන් පිරිසක් සහභාගී විය.