දේශයේ විරුවන් පිදූ 2020 රණවිරු අනුස්මරණ දිනය.....

ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ අභීත විරෝදාර රණවිරුවන් වෙත සමස්ත ශ්‍රී ලංකා රජයේ සහ පොදු මහත් ජනතාවගේ ගෞරවාන්විත උත්තමාචාරය වාර්ෂිකව පුද කරනු ලබන 2020 රණවිරු අනුස්මරණ දිනය පසුගිය 2020 මැයි මස 19 වන දින ප.ව 4.00 බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරු සහ වැඩබලන පොලිස්පති තුමන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. ලොව තුළ උද්ගතවී ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම අභිමානවත් සැමරුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිදු කළ අතර වෙනත් වර්ෂ වල මෙන් නොව ආරාධිතයින් සහ රණවිරු පවුල්හි සාමාජිකයින් සුලු පිරිසකට පමණක් සීමා කොට ඉතාමත් චාම් ලෙස එනමුත්, අභිමානවත්ව හා ගෞරවාන්විතව සැමරීමට කටයුතු කරන ලදී. අනාගත පරපුරේ අභිවෘද්ධිය උදෙසා තමඋතුම් ජීවිත පුජාවන් කරන ලද ඒ උදාර රණවිරුවන් සියලු දෙනාටම, අමා මහ නිවනින් සැනසීමටත්, එකිනෙකා අදහන ආගමට අනුව ඔවුන්ගේ පරලොව ජීවිතය සුගතිගාමී වීමට ලැබේවායි අශිර්වාද කරමු.