මාතලේ දිස්ත්‍රික්කයේ රණවිරු සැමරුමක් සංවිධානය කෙරේ.
2022 ජාතික රණවිරු සැමරුමට සමගාමිව මාතලේ දිස්ත්‍රික්කයේ, රත්තොට හා අඹන්ගග කෝරළේ රණවිරු සංසදයේ සාමාජිකයන්ගේ දායකත්වයෙන් රටදැය වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන් අනුස්මරණය කරමින් රණවිරු ස්මාරකය අබියසදී පුශ්පෝපහාර දැක්වීම සිදු විය.
තවද ,දිවිපිදු රණවිරුවන්ට නිවන් සුවය පතමින් සහ ආබාධිත සියලු රණවිරුවන්ට සහ රණවිරු පවුල්වල සියලුම සාමාජිකයන්ට ආශිර්වාද කරමින් පූජ්‍යපාද මාතලේ අනෝමදස්සී ස්වාමින්වහන්සේගේ මූලිකත්වයෙන් කාලීන ධර්මදේශනාමය පුන්‍යකර්මය 2022 - 05 -31 දින රත්තොට ප්‍රාදේශීය සභාවේදී සිදුකරන ලදි.
එසේම රණවිරු සැමරුමට සමගාමීව රුක් රෝපණ වැඩසටහන්ද ක්‍රියාත්මක විය.
මෙම වැඩසටහන සදහා රත්තොට හා අඹන්ගග කෝරළේ රණවිරු සංසදයේ සාමාජිකයන්ගේ ,රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා,රත්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා,රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මාතලේ දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරිනියගේ ප්‍රදානත්වයෙන් සිදුවන ලදී.