අම්පාර රණවිරු සංසද සාමාජිකයින්ගෙන් විශේෂ සැමරුම් උත්සවයක්
අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර සහ දමන රණවිරු සංසද සාමාජිකයන්ගේ පූර්ණ සහයෝගය මත සංවිධානය කරන ලද විශේෂ රණවිරු අනුස්මරණ වැඩසටහනක් පසුගිය දා දමන මුවංගල රණවිරු ස්මාරකය අභියසදී සාර්ථකව පවත්වන ලදී.
එහිදී අම්පාර සහ දමන රණව්රු සංසද සාමාජිකයන්ගේ එකමුතුවෙන් වියලි සලාක මලු සහ රු.5000.00 ක වටිනාකමින් යුතු පාසල් උපකරණ වවුචර් පත් 10 ක් පාසල් දරුවන්ට සහ අඩු ආදායම් ලාභී පවුල් වෙත ලබා දෙන ලදී.
ඊට අමතරව රණවිරු සේවා අධිකාරිය මගින් ලබා දුන් මෝර්ටිවේෂන් රෝද පුටු 6ක් හා ශ්‍රවනාබාධ උපකරණ කට්ටලයක් රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් ලබා දෙන ලදී.
සැමරුමෙන් පසු කාව්‍යමය කවි බණ දේශනයක් පුරා පැයක් පවත්වා වැඩසටහන නිමාවට පත් කරන ලදී. ඒ සදහා මුවංගල විහාරාධිපති ආනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් යුතු අම්පාර විද්‍යානන්ද පිරිවෙනෙහි ස්වාමීන් වහන්සේ දෙපලක් මේ සඳහා වැඩම කරන ලදී.
අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් , පරිපාලන නිලධාරී , රාජ්‍ය කලමනාකාරතුමිය, දමන පරිපාලන නිලධාරී , ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන්, මුවංගල තරුණ සමිතියේ සාමාජිකයන් , අම්පාර , දමන සංසද නිලධාරීන් හා සාමාජිකයන් මෙම අවස්ථාවට සහභාගී විය.