රණක්ෂිතයට පත් රණවිරුවන් ත්‍රිකුණාමලය වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනකට නායකත්වය දෙයි
රණවිරු සේවා අධිකාරියේ නැගෙනහිර පළාත් කාර්යාලය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සමුද්‍ර හා පරිසර ආරක්ෂණ අධ්කාරිය හා එක්ව "පිරිසිදු දෑතින් හදමු පිරිසිදු රටක්"යන තේමාව යටතේ වෙරළ පවිත්‍රතා වැඩසටහක් ත්‍රිකුණාමලය "පරණ ජැටිය" සමූද්‍රීය වෙරළ තීරයේදී පසුගිය දා පවත්වන ලදී.
ත්‍රිකුණාමල නගර හා කඩවත් රණව්රු සංසද නිලධාරීන්ගේ දායකත්වයෙන් පවත්වන ලද මෙම වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා ත්‍රිකුණාමලය නව දිසාපති බී.එස්.එන්. ජයවික්‍රම මහතා,අතිරේක දිසාපති එස්.අරුල්රාජ් මහතා, රණව්රු සේවා අධිකාරියේ නැගෙනහිර පළාත් භාර නියෝජ්‍ය අධ්යක්ෂ ගුණදාස හේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙම වැඩසටහන සඳහා සහභාගි වූ රණක්ෂිතයට පත් ධීවර කර්මාන්තය හා සම්බන්ධ ව්‍යවසායකයන් ඉන්ධන භාවිතය නොකරන, බත්තල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකරන වෙරළ කළාපයක් සඳහා අවශ්‍ය දිරි ගැන්වීම ලබා දෙමින් වෙරළ තීරය පිරිසිදු කිරීමට සක්‍රීය දායකත්වය ලබා දීම පිළිබඳ දිසාපතිතුමන්ගේ පැසසුමට ද ලක්විය .