කෘෂි ව්‍යවසායකත්වයට රණවිරු සේවා අධිකාරියෙන් අත්වැලක්
අම්පාර දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තයේ නිරතව සිටින රණක්ෂිතයට පත් රණවිරුවෙකු හට තම වගා කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය වතුර මෝටරයක් මිලදී ගැනීම උදෙසා අවශ්‍ය මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම අද (10) දිනයේ දී රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
11 වන ගැමුණු හේවා රෙජිමේන්තුවට අනුයුක්තව මුලතිව් ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී 2009 ජනවාරි මස 22 වන දින බිම් බෝම්බයකට අසු වීමෙන් තම වම් පාදය තුවාල ලබා විශ්‍රාමිකව අම්පාර දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින මෙම රණවිරුවා දැනට කෘෂිකර්මාන්තය සඳහා යොමු වී ඇත.
මෙම රණවිරුවාගේ උත්සාහය සහ උනන්දුව සළකා බලා ඔහුගේ ව්‍යවසායකත්ව හැකියාවන් සවිබල ගැන්වීමේ අරමුණින් රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ විශේෂ ඉල්ලීමකට අනුව දානපතියකු වන එච්.එම්.සී. ඩබ්ලිව්.බී හේරත් මහතා විසින් මෙම වතුර මෝටරය මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් පරිත්‍යාගය රණවිරු සේවා අධිකාරිය වෙත සිදු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති තුමන්ගේ ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න සහ රණක්ෂිතයට පත් ප්‍රතිලාභී රණවිරුවා මෙම අවස්ථාවට සහභාගි විය.