පදියතලාව රණවිරු සංසදයෙන් තවත් සමාජ සත්කාරයක්

අම්පාර දිස්ත්‍රික්කයෙහි පදියතලාව රණවිරු සංසදය මගින් අද (12) දින පදියතලාව කොලමන්තලාව ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී මහාබෝධි අංකුර පූජා භූමියෙහි නේත්‍රා පිංකමට පැමිණි සැදැහැවතුන් උදෙසා මඤ්ඤොක්කා දන්සලක් පවත්වන ලදී.
මෙම වැඩසටහන අතරතුරදී, එහි වාසය කරන පූර්ණ ආබාධිත සිවිල් පියෙකු සදහා පදියතලාව රණව්රු සංසද සාමාජිකයන් විසින් ඇප උපස්තාන කටයුතු ද සිදු කරන ලදී.