ආබාධිත සහයක උපකරණ කොළඹට

රණවිරු සේවා අධිකාරියේ කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව රණව්රු සංසද සාමාජිකයන් උදෙසා ආබාධිත සහයක උපකරණ බෙදා දීමේ වැඩසටහන හා රණවිරු කොඩි බෙදා දීම පසුගිය දා කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් පූර්ණිමා එන්.වික්‍රමරත්න මහත්මියගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබීය.
මෙම වැඩසටහන අතරතුරදී කැස්බෑව රණව්රු සංසද සාමාජිකයන් වෙත කෘතිම පාද , අත්වාරු යුගල බෙදා දීම සිදු කරන ලදී.
රණව්රු සේවා අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරීනී නයනි දාබරේ මහත්මිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා කැස්බෑව රණව්රු සංසද සාමාජිකයන් සහභාගී විය.