දිරියෙන් ජය ගත් නායක ගුවන් භට ටී යු එස් කුමාර.......

රණවිරු සේවා අධිකාරියේ ස්වයං රැකියා ණය යටතේ රුපියල් ලක්ෂ 5ක ණය මුදලකින් ස්වයං රැකියා ක්ෂේත්‍රයට පියවර තැබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරමින් සිටියදී සිය ශරීරාංග පුදකළ නායක ගුවන්භට ටී යු එස් කුමාර රණවිරුවා විසින් උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව ප්‍රදේශයේ ආරම්භ කරන ලද “ගඟන විරු” බොජුන්හල හා උත්සව භාණ්ඩ අළෙවි සැළ අභිනවයෙන් 2020.06.19 දින රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් හා පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමා, දිස්ත්‍රික් නිලධාරි තුමා ඇතුලු ප්‍රදේශයේ ප්‍රභූන්ගේ සහභාගීත්වයෙන් සුභ මොහොතින් විවෘත විය. ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් සිය ශරීරාංග පුද කළ ටී වී එස් කුමාර රණවිරුවා රණවිරුවෙකුගේ ධෛර්යය නැවත වතාවක් රටට පසක් කරමින් ස්වශක්තියෙන් දිවිය ජය ගනු අධිටනින් ආරම්භ කරන ලද මෙම උත්සව භාණ්ඩ අළෙවි සැළ හා බොජුන් හල සමස්ත රණවිරු ප්‍රජාවටම ආදර්ශයක් සපයනු ඇත.