ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් රණවිරු සේවා අධිකාරියට සන්නිවේදන අනුග්‍රහයක්
රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනී සහ සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ කේන්ද්‍රයේ ප්‍රධාන අධීක්ෂණ නිලධාරිනී සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු මහතාගෙන් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් රණවිරු සේවා අධිකාරිය වෙත සහ සෙනෙහස සම්පත් කේන්ද්‍රයේ පරිපාලනමය කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා අවශ්‍යතාවක් ව පැවැති සී ඩී එමි ඒ (CDMA) රැහැන් රහිත දුරකතන දහයක් පරිත්‍යාග කිරීම 2022 ජූලි මස 6 වන බදාදා දිනයේ දී රණව්රු සේවා අධිකාරියේදී සිදුවිය.
රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනී සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් මෙම අනුග්‍රහකත්වය සඳහා විශේෂ මැදිහත්වීමක් සිදුකරන ලද ශ්‍රී ලංකා ටෙලිකොම්හි සභාපති රොහාන් ප්‍රනාන්දු මහතාට සහ කවිතා බංඩාර මහත්මිය වෙත විශේෂ ස්තුතියක් පළ කරන ලදී.
මෙම පරිත්‍යාග කිරීමේ වැඩසටහන සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා, රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) මහතා, සභාපතිතුමාගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නියෝජනය කරමින් රන්ජන් සුභසිංහ සහ සචිංද සුභසිංහ යන මහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් මෙම අවස්ථාවට සහභාගි විය.