"අපි අපේ වගකීම ඉටුකරමු, අපි ගන්න පඩියට වැඩ කරමු"
රණව්රු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක, නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් සහ සියලුම අංශ ප්‍රධානීන් හමුවේ රණව්රු සේවා අධිකාරියේ කාර්යභාරය සහ ඉදිරියේදී සිදු කළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද දින (අගෝස්තු මස 2 වැනිදා) රණව්රු සේවා අධිකාරියේ මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.
පසුගිය මාස කිහිපය තුළ රට තුළ පැවති ආර්ථික අර්බුදය සහ ප්‍රවාහන දුෂ්කරතාවයන් හේතුකොටගෙන රාජකාරි සීමාවන් මත සිටිමින්, සිදු කළ සේවාවන් පිළිබඳ පසු විපරමක් සිදුකිරීම සහ එම වකවානුවේදී සිදුවූ අඩුපාඩු මඟහරවා ගනිමින් වඩා ඵලදායී සහ වගකිව යුතු සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් මෙහිදී කරුණු සාකච්ඡාවට භාජනය කරන ලදී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා "අප වෙනුවෙන් අපගේ නිදහස වෙනුවෙන් එදා යුද බිමේ සටන් වැදුණු වීරෝදාර රණවිරුවන් උදෙසා අප විසින් සිදු කළ යුතු මෙම මහඟු සේවාව මහත් වගකීමකින් සහ ගෞරවයකින් යුතුව ඉටු කිරීමට අප බැඳී සිටින බවත් එවැනි වගකීමක් ගෞරවාන්විතව ඉෂ්ට කිරීම අප විසින් සිදු කළ යුතු යුගයේ ප්‍රධානතම කාර්යභාරයක් බවත්" වැඩිදුරටත් සඳහන් කරන ලදී.
දේශයේ ඒකීය භාවය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් තමන් සමඟ සටන් පෙරමුණේ සිටිමින් යුද වැදී මියගිය සහ රණක්ෂිතයට පත්ව සිටින රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රැක බලා ගැනීම සඳහා තමන්ට ලැබුණු අවස්ථාව මහත් වගකීමෙන් යුතුව ඉටු කිරීමට කටයුතු කරනු ලබන බවද සභාපතිතුමන් ප්‍රකාශ කරන ලදී.
මෙම ජාතික වගකීම සඳහා තමන්ගේ වරප්‍රසාද වලට එහා ගිය රාජකාරිමය වගකීමකින් සහ ගෞරවයකින් යුතුව තම රාජකාරිය මනාලෙස ඉටුකරන ලෙස කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින ලදී.
රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති තුමන්ගේ ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන්, අංශ ප්‍රධානීන් ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි විය.