රණවිරු සුභ සාධනයට චීන තානාපති කාර්යාලයෙන් මූල්‍ය පරිත්‍යාග.......

1999 අංක 54 දරණ පාර්ලිමේන්තු පනතින් සම්මත ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති රණවිරු සේවා අධිකාරිය ක්‍රියාන්විතයේ දිවිපිදූ, අතුරුදන් රණවිරුවන්ගේ හා ඔවුන්ගේ යැපෙන්නන් මෙන්ම ආබාධිත රණවිරුවන්ගේ සුභ සාධනය පිණිස ඇති කරන ලද රාජ්‍ය ආයතනයකි. රණවිරු සේවා අධිකාරිය මේ වෙන විට ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කිහිපයක් හරහා රණවිරු සුභ සාධනය කටයුතු සාර්ථකව සිදු කරනු ලබයි. රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර මහතාගේ ඉල්ලීමකට අනුව චීන තානාපති කාර්යාලය මගින් දිවයින පූරා විසිරී සිටින රණවිරු සංසදවල ශරීරාංග පුද කළ රණවිරුවන් වෙත ලබා දීම සඳහා ආබාධිත සහයක උපකරණ මෙන්ම ඔවුන්ගේ දූදරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා පරිගණක ආශ්‍රිත තාක්ෂණික උපකරණ ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 27 ක මූල්‍ය පරිත්‍යාගයක් ප්‍රදානය කරනලදී. චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක නියෝජිත ‘(Defence Attache) ‍ඡ්‍යේෂ්ඨ කර්නල් වැන් ඩොං මහතා විසින් රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමා වෙත 2020.06.23 අද දින ඊට අදාල ප්‍රේශණපත රණවිරු සේවා අධිකාරි පරිශ්‍රයේදී ලබාදීම සිදු කරන ලදී. මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ සහකාර ආරක්ෂක නියෝජිත ( Assistant Defence Attache) කර්නල් චෑංග් මහතා ද සහභාගී විය.