පැරා මළලල ක්‍රීඩක අනිල් ප්‍රසන්නගේ ජාත්‍යන්තර ජයග්‍රහණය ඇගයීමට ලක් කෙරේ
රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් T42 කාණ්ඩයෙන් තරග වදින රණවිරු අනිල් ප්‍රසන්න ජයලත් ඉන්දියාවේ ජාතික පැරා ක්‍රීඩා තරගාවලියට ඉදිරිපත් වීමෙන් අනතුරුව රිදී පදක්කමක් හිමි කර ගැනීමෙන් පසු රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) හමු විය.
පසුගිය දා ඉන්දියාවේ බැංගලෝර්හිදී පවත්වන ලද හතරවන (4) ඉන්දියානු ජාත්‍යන්තර පැරා (para) මළල ක්‍රීඩා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් සහභාගීවූ රණවිරු අනිල් ප්‍රසන්න ජයලත් තත්පර 12.95 න් TF42 කාණ්ඩයේ මීටර් 100 ඉසව්ව නිම කරමින් එම ඉසව්වේ දෙවන ස්ථානය දිනාගනිමින් ශ්‍රී ලංකාව වෙත රිදී පදක්කමක් හිමි කරදීමට සමත් විය.
මෙම හමුවේදී ඔහුගේ ඉදිරි පුහුණු වීම් කටයුතු පිළිබඳව සහ තරග සැලසුම් පිළිබඳව සාකච්ඡා කරන ලදී. සභාපතිතුමන් විසින් ඔහුගේ අනාගත ජයග්රහණයන් සඳහා සුභ පැතුම් එක් කරන ලදී.
මෙම අවස්ථාව සඳහා රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ තුෂාර ජයසිංහ මහතා සහ ක්‍රීඩා අංශය භාර නිලධාරී මේජර් හිනිදුමගේ චන්දන සහභාගි වන ලදී.