අම්පාර රණවිරු සංසදයෙන් ශ්‍රමදානයක්

අම්පාර දිස්ත්‍රික්කයෙහි පිහිටා ඇති දීඝවාපි චෛත්‍යරාජයාණන්ගේ ප්‍රතිසංස්කරණය සදහා දායකවීමේ ශ්‍රමදානමය වැඩසටහනක් අම්පාර රණවිරු සංසද සාමාජිකයන් 60 කුගේ සහභාගිත්වයෙන් 2022 සැප්තැම්බර් මස 09 වන දින පවත්වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරිනී තරණි නිවන්තිකා මෙනවියගේ නායකත්වය හා මග පෙන්වීම යටතේ අම්පාර රණවිරු සංසද සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙම විශේෂ වැඩසටහන සංවිධානය කරන ලදී.