පන්නල රණවිරු සංසදයට කාබනික ගොවිතැන පිළිබඳ පුහුණුවක්
රණවිරු සංසද සාමාජිකයන් දිරිගන්වමින් කාබනික පොහොර භාවිතය,ගෙවතු වගාව, වී ගොවිතැන නගා සිටවිමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් පන්නල රණවිරු සංසදයේ සභාපති තුමන්ගේ නිවසේදී පසුගිය දා පැවැත්විණි.
රණවිරු සේවා අධිකාරියේ විශ්‍රාමික රණවිරු හා විශේෂ ව්‍යාපෘති අංශයේ
කොප්රල් සුමිත් කුමාර මහතාගේ උපදේශනයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා පන්නල කලාප කෘෂි නිලධාරීන්ගේ සම්පත් දායකත්වය ලබා දෙන ලදි.
කුරුණෑගල දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී සත්සර පතිරාජ මහතාගේ සම්බන්ධීකරණයෙන් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා පන්නල සංසද සාමාජිකයන් 20 දෙනෙකු සහභාගි වන ලදී.