උහන සංසදයෙන් අම්පාර සරණ වැඩිහිටි නිවාසයට දානයක්

අම්පාර දිස්ත්‍රික්කයේ උහන රණවිරු සංසදය මගින් අම්පාර සරණ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් හතලිස් දෙනෙකු සඳහා දහවල් දානය පිරිනැමීමක් සිදු කෙරිණි.
අම්පාර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරිණී තරණී නිවන්තිකා මෙනවියගේ සහභාගීත්වයෙන් පැවති මෙම දානමය පිංකම සදහා උහන රණවිරු සංසදයේ නිළධාරීන්, රටදැය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ ලගම ඥාතීන් සහ ක්‍රියාන්විතයේ දී ශරීරාංග පුද කළ ආබාධිත විශ්‍රාමික රණවිරුවන් ඇතුළු පිරිසක් සහභාගී විය.