ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වෙතින් රණවිරු දත්ත පද්ධතියට අත්වැලක්

රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභී පවුල් 55000 කට ආසන්න පිරිසකගේ ගබඩා කර ඇති දත්ත සහ වෙබ් අඩවියේ ඇතුළත් තොරතුරු ගබඩා කරගැනීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය මේඝයෙහි (Lanka Government Cloud - LGC2) ඉඩ ප්‍රස්ථාවක් ලබාදීම සඳහා සිදුකරන ලද මූලික සාකච්ඡාවක් අද දින රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ තුමන් ඇතුලු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තොරතුරු තාක්ෂණය ඒකකයේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි විය.