මධ්‍යම පළාතේ රණවිරු ගැටළු සොයා බැලීම සඳහා හදිසි නිරීක්ෂණ චාරිකාවක්
මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාල වලින් රණවිරුවන් වෙත සැපයෙන සේවාවන් පිළිබඳ සොයා බැලීම සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂක ඇතුළු නිලධාරීන් විසින් විශේෂ නිරීක්ෂණ චාරිකාවක් මහනුවර පිහිටා ඇති මධ්‍යම පළාත් රණවිරු සේවා අධිකාරි කාර්යාලය වෙත පසුගිය දා සිදු කරන ලදී.
මෙහිදී රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා, අධ්‍යක්ෂක ඇතුළු නිලධාරීන් විසින් මධ්‍යම පළාත් රණවිරු ගැටළු පිළිබඳ සාකච්ජා කරන ලදී. රණවිරුවන් දහ අට දහසකගේ පමණ විස්තර ඇතුලත් ලේඛනාගාරයත් යුද්ධයෙන් මියගිය රණවිරුවන්ගේ ඡායාරූප ඇතුළත් වූ සහ රණවිරු සැමරුම් කලාපයන් සංරක්ෂණය කිරීමේ වැඩ කටයුතු පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.
රණවිරු සංසද ආරම්භ කිරිමෙන් පසු 2003 වර්ෂයේ සිට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ මෙම අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය පවත්වා තිබු අතර 2018 වර්ෂයේදි පමණ අත්‍යවශ්‍ය හේතුවක් මත එම කාර්යාලය ආණ්ඩුකාරවර කාර්යාලයෙන් ඉවත් කර ඇත. පසුකාලිනව පුනරුත්ථාපන අධ්යක්ෂ ජෙනරාල් යටතේ පැවති ප්‍රාදේශිය කාර්යාලය එම ස්ථානයෙන් ඉවත්වීමත් සමග මෙම කාර්යාල ගොඩනැගිල්ල මේ දක්වා නොමිලේ භාවිතා කිරිමට අවස්ථාව සලසා දෙන ලදි.
පසුකාලිනව මෙම ගොඩනැගිල්ලේ නඩත්තු කටයුතු සිදු කරගෙන යාමේ අපහසුතාවය මත කටුගස්තොට සමස්ථ ලංකා රණවිරු පදනමේ ගරු සභාපති පූජ්‍ය ත්‍රීසිංහල සීමාරාමාධිපති ගැමුණුපුර රතනජෝති මාහිමිපාණන් විසින් රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු කළමණාකරන මණ්ඩලයෙන් සිදු කරන ලද ඉල්ලීමකට අනුව මාසිකව සහන බදු මුදලක් ගෙවීමේ පදනම මත මෙම ගොඩනැගිල්ලේ පවත්වාගෙන ආ මධ්‍යම පළාත් කාර්යාලය තවදුරටත් පවත්වාගෙන යාම සදහා කළමනාකරණ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදි.
මෙහිදි මෙම ස්ථානයේ ආරක්ෂාව සබැදිවද සාකච්ඡාවට භාජනය වූ අතර ඊට අදාල ආරක්ෂාව ශ්‍රී ලංකා යුද හමුදාවේ මැදිහත්වීම 11 වන සේනාංකයේ මැදිහත් වීම මත ලබා දීමටද එකගතාවය පළ කරන ලදී. ගොඩනැගිලි සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා යුද හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සහයෝගය ලබා ගැනීමට ද කටයුතු කරන ලදී.