රණවිරු සේවා අධිකාරියේ ප්‍රගතිය සමාලෝචනය සඳහා ආරක්ෂක ලේකම් තුමා පැමිණේ...
රණවිරු සේවා අධිකාරියේ වර්තමාන කටයුතු අධීක්ෂණය කිරීමට සහ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා 2022 ඹක්තෝබර් මස 28 වෙනි දින රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලය වෙත සංචාරයක් සිදු කරනු ලැබීය.
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික), උප සභාපතිනිය සෝනියා කෝට්ටේගොඩ මැතිනිය සහ අධ්යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) සහ සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න විසින් ආරක්ෂක ලේකම්තුමන්ව ඉතා උණුසුම් අයුරින් රණවිරු සේවා අධිකාරි පරිශ්‍රය වෙත පිළිගනු ලැබීය.
ඉන් අනතුරුව, රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු ඉහළ කළමණාකාරිත්වය සහ ආරක්ෂක ලේකම් තුමන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී රණවිරු සේවා අධිකාරියේ ප්‍රගතිය, ඉදිරි දැක්ම සහ රණවිරු ප්‍රජාව වෙනුවෙන් සිදු කිරීමට නියමිත ක්‍රියාකාරකම් මෙන්ම 2021 වර්ෂයේ අප්‍රේල් මස 9 වෙනි දින සිදුකරන ලද සංචාරයේ දී ලබාදුන් ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සිදුකරන ලද ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වන වැඩසටහන් පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.
මෙම ප්‍රගති සමාලෝචනයෙන් අනතුරුව ආරක්ෂක ලේකම් තුමන් විසින් රණවිරු සේවා අධිකාරියේ රාජකාරියේ විවිධ අංශ සහ ආයතන වල ප්‍රගතිය සහ ඔවුන් මුහුණ දී තිබෙන අපහසුතා පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.
මෙහිදී රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) විසින් පසුගිය වසර හතර පිළිබඳව සංසන්දනාත්මක ප්‍රගති සමාලෝචන වාර්තාවක් සහ බලාපොරොත්තු වන ඉලක්ක සම්බන්ධයෙන් මෙන්ම රණවිරු ප්‍රජාව වෙනුවෙන් දැනට සිදුකරගෙන යන සුබසාධන ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් ද කෙටි පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.
අවසානයේදී, සාම්ප්‍රදායානුකූලව මෙම සංචාරය සිහිවීම පිණිස ආරක්ෂක ලේකම් තුමන් හට සමරු ඵලකයක් ප්‍රධානය කිරීම වෙනුවෙට රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම මත සවි බල ගන්වන ලද සාර්ථක ව්‍යවසායකයන් විසින් වෙළඳපොලේ අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබෙන රණවිරු නිෂ්පාදන ඇතුළත් බහාලුමක් එම නිෂ්පාදනයන්හි අලෙවි ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රධානය කරන ලදී.