වස විසෙන් තොර ගොවිතැන පිළිබඳව ඇහැලියගොඩ රණවිරුවන් දැනුවත් කෙරේ.
රණවිරු සේවා අධිකාරියේ විශ්‍රාමික රණවිරු හා විශේෂ ව්‍යාපෘති අංශයේ දායකත්වයෙන් ක්‍රියාන්විත රාජකාරියේදී රණක්ෂිතයට පත් රණවිරුවන් හා සංසද සාමාජිකයන් යොදවා ගනිමින් කාබනික පොහොර භාවිතය,ගෙවතු වගාව, වී ගොවිතැන නගා සිටවිමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ඇහැළියගොඩ රණවිරු සංසදයේ ලේකම් ඩබ්. එල්. ඒ සුසන්ත කුමාර මහතාගේ පුර්ණ සංවිධානයෙන් ඇහැලියගොඩ සුමනතිස්සාරාමයේ දී පසුගිය දා පැවැත්විණි.
මෙම වැඩසටහන සදහා ඇහැලියගොඩ රණවිරු සංසද සාමාජිකයන් 20 දෙනෙකු පමණ සහභාගි විය.
රණවිරු සේවා අධිකාරියේ විශේෂ කෘෂි පුහුණු උපදේශක කෝප්රල් සුමිත් කුමාර මහතා හා ඇහැලියගොඩ කලාප කෘෂි නිලධාරී මොහාන් සමරසිරි මහත්මයාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීය.