අම්පාර රණවිරු බිරින්දෑවරු දස දෙනෙකු ඩිජිටල් අලෙවිකරණයට හුරු කෙරේ.
අම්පාර දිස්ත්‍රික්කයේ රණවිරු කාන්තා ව්‍යවසායකයින්ගේ ඩිජිටල් අලෙවිකරණ කුසලතා වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් අම්පාර වනිතා සංවර්ධන අංශය මගින් 2022 .10.26 වන දින අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුලදී පුහුණු වැඩමුලුවක් පවත්වන ලදී.
රණවිරු බිරින්දෑවරුන්ගේ ව්‍යාපාර වර්ධනය කිරීම සඳහා ඩිජිටල් අලෙවිකරණ මෙවලම් සහ අන්තර්ජාල අලෙවිකරණ වේදිකාව ඵලදායී ලෙස භාවිතා කිරීමට ඔවුන්ට හැකි වන අයුරු පුහුණු කිරීම සඳහා ICTA ආයතනය සමගින් කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සහ META ආයතනය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
ICTA ආයතනය මගින් දැනට ක්‍රියාත්මක කරනු ලබන "සුහුරුලිය" කාන්තා සංවර්ධන වැඩසටහන නමින් ක්‍රියාත්මක ඩිජිටල් තාක්ෂණය තුලින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කාන්තාවන් සමාජ හා ආර්ථික සවිබල ගැන්වීම සාක්ෂාත් කර ගැනීම සම්බන්ධ වැඩසටහනට අනුබද්ධ පුහුණු වැඩමුළුවක් ලෙස මෙය ක්‍රියාත්මක කරන ලදී.
ඒ සදහා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙහි වනිතා කටයුතු සංවර්ධන නිලධාරීතුමියට ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට අනුව දැනට ස්වයං රැකියාවන්හි නියුතු අම්පාර සංසදයෙහි රණවිරු බිරින්දෑවරු දස දෙනකු මේ සදහා සහභාගී කරවීය.