රණක්ෂිතයටපත් රණවිරුවන් සදහා කෘත්‍රිම පාද 378ක් සහ විද්‍යුත් ක්‍රියාකාරී කෘත්‍රිම අත් 04ක් සහ සාමාන්‍ය කෘත්‍රිම අත් 6ක්, සායනික සපත්තු 25ක් ප්රදානය කිරීම
රණක්ෂිතයට පත්ව දිවයින පුරා විසිරී සිටින රණවිරුවන් සඳහා රු.මිලියන 51.32ක මුදලක් වැය කර සකසන ලද කෘත්‍රිම පාද 378ක් ,වැලමිටින් පහළ විද්‍යුත් ක්‍රියාකාරී කෘත්‍රිම අත් 04ක් ,සාමාන්‍ය කෘත්‍රිම අත් 6ක් සහ සායනික සපත්තු 25ක් රණවිරුවන් වෙත ලබාදීම සදහා දිස්ත්‍රික්කයන් වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.
2021 වසර සඳහා රජයේ භාණ්ඩාගාරයෙන් රණවිරු සුබසාධනය සඳහා වෙන් කරන ලද මුදල් භාවිතා කරමින් මිලදී ගෙන ඇති මෙම සහායක උපකරණ පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ හා දිස්ත්‍රික් නිලධාරීන් මගින් රණවිරුවන් වෙත ලබාදීම නිල වශයෙන් සංකේතවත් කරමින් අද දිනයේ දී මහනුවර දිස්ත්‍රික්කයේ වයි.එස්.ඩී යාපා රණවිරුවා වෙත දණහිසට ඉහළ Advance Knee Joint වර්ගයේ කෘත්‍රිම පාදයක් ප්රදානය කිරීම රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ මූලිකත්වයෙන් රණවිරු සේවා අධිකාරියේ දී සිදු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), පළාත් ,පසු උවටැන සහ විශේෂ ව්‍යාපෘති අංශ ප්‍රධානී නියෝජ්‍ය අධ්යක්ෂ තුෂාර ජයසිංහ සහ වැඩසටහන් නිළධාරිනී නෙත්මි ගයත් ශ්‍රී ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.
මෙම වැඩසටහන යටතේ දිවයිනපුරා විසිරී සිටින රණක්ෂිතයටපත් රණවිරුවන් 253ක් සදහා රු.මිලියන 17.64 ක් වැයකර කෘත්‍රිම පාද ලබා දී ඇති අතර ඉදිරියේ දී තවත් කෘත්‍රිම පාද 36ක්, රු.ලක්ෂ 5ක් වටිනා වැලමිටෙන් පහළ විද්‍යුත් ක්‍රියාකාරී කෘත්‍රිම අත් 16ක් , සාමාන්‍ය කෘත්‍රිම අත් 09ක් සහ සායනික සපත්තු 57ක් රණවිරුවන් වෙත ලබාදීමට නියමිතය.