"හෙළ විරු සුව ධරණී" සුව සේවා ආයුර් වේද වෛද්‍ය සායන වැඩසටහන කෑරගලින් ඇරඹෙයි
ආයුර් වේද දෙපාර්තුමේන්තුව සහ රණවිරු සේවා අධිකාරිය එක්ව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන "හෙළ විරු සුව ධරණී" සුව සායන සුව සේවා වැඩසටහන් මාලාවේ සමාරම්භක උළෙල 2022 නොවැම්බර් මස 10 වැනි දින දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා ඇතුළු රණවිරු සේවා අධිකාරියේ කාර්යමණ්ඩලය දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යතුමන් ඇතුළු ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය උත්සව සභාව වෙත කැඳවාගෙන යාම සිදු කරන ලදී.
සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම, රණවිරු පාඨය ප්‍රකාශයට පත් කිරීම සහ රණවිරුවන් සිහි කිරීම සඳහා විනාඩි දෙකක නිහඬතාවයෙන් අනතුරුව රණවිරු සේවා අධිකාරියේ ගීතය ගායනා කිරීම සිදු කලේය.
මෙම දීප ව්‍යාප්ත සුව සේවා වැඩසටහන් මාලාවේ අරමුණ පැහැදිලි කිරීම සහ පිළිගැනීමේ කතාව සිදුකිරීම රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) මහතා විසින් සිදු කරන ලදී.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කුමාරී වීරසේකර මැතිණිය විසින් සභාව අමතමින් මෙම වැඩ සටහනේ වැදගත්කම වැඩිදුරටත් පැහැදිලි කලේය.
අනතුරුව දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි මහතා සභාව ඇමතීම සිදු කළේය.
එම වෛද්‍ය වැඩසටහනට සමගාමීව කෑරගල රණවිරු ගම්මානයේ සහ දොම්පේ රණවිරු සංසදය නියෝජනය කරන රණවිරුවන් සදහා ආබාධිත සහයක උපකරණ ප්රදානය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදී.
කෑරගල රණවිරු ගම්මානයේ පැවති සමාරම්භක වැඩසටහනෙන් අනතුරුව යුද්ධයෙන් රණක්ෂිතයට පත් රණවිරුවන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් වෛද්‍ය සායනික කටයුතු ආරම්භ කරන ලදී.