උතුරු මැද පළාතේ හෙළ විරු සුව සායනය වෙනුවෙන් රුපියල් මිලියන 1.8 ක්
රණවිරු සේවා අධිකාරිය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන
"හෙළවිරු සුව ධරණී" සුව සායන වැඩසටහන පිළිබඳව දේශීය සෞඛ්‍ය වෛද්‍ය හා සම්බන්ධීකරණ නිලධාරී මහත්ම මහත්මීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී උතුරු මැද පළාත් ප්‍රජා සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ආනන්ද සමරනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නට යෙදුණි.
එහිදී උතුරු මැද පළාතේ මෙම වැඩසටහනහි ක්‍රියාත්මක සැලැස්ම පිළිබඳව සහ එහි අරමුණ පිළිබඳව පැමිණි සිටි සියලුම වෛද්‍ය වරුන් හා නියාමක වරුන් දැනුවත් කරන ලදී.
උතුරු මැද පළාතේ හෙළවිරු සුවසායනය වෙනුවෙන් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් රු. මිලියන 1.8 ක ඖෂධ ලබාදෙන බව දන්වා සිටින ලදී.
පසුගිය නොවැම්බර් මස 10 වැනි දින කෑරගල රණවිරු ගම්මානයෙන් සංකේතාත්මකව ආරම්භ කරන ලද මෙම වැඩසටහන් මාලාව දිවයින පුරා රණවිරු ගම්මාන සහ රණවිරු සංසද ආවරණය කරමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.