දැයේ සංවර්ධනයට බල ගැන්වෙන රණවිරු ස්වයං රැකියා.....
ක්‍රියාන්විතයේදී ශරීරාංග පුද කළ නිවෙස්ගතව සිටින රණවිරුවන් මානසිකව සහ ආර්ථිකව සවි බලගැන්වීමටත්, දැයේ සංවර්ධනයට ඔවුන් යොදා ගැනීමටත් රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ සහ කර්නල් හේමන්ත පෙරේරා මහතා 2020.06.23 වන දින රත්නපුර ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
මෙම සංචාරයේදී රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක වෙන ස්වයං රැකියා ණය ව්‍යාපෘතියේ ආධාර මත ශරීරාංග පුද කළ රණවිරුවන් විසින් ආරම්භ කර තිබු විවිධ ස්වයං රැකියා ව්‍යාපෘති කිහිපයක් අධ්‍යක්ෂතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
6 පාබල හමුදාවේ සේවය කරමින් සිටියදී අලිමංකඩ යාල්දේවී සංග්රාමයෙදී 1993.09.28 වන දින දරුණු ලෙස තුවාලවී එක් ඇසක් පුර්ණ ලෙස අහිමි වු ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හුලද්දුව ග්‍රාමයේ පදිංචි W.W.A.P.K රණවිරු විජේසුන්දර මහතා සුරතල් මත්ස්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබයි. රණවිරු සේවා අධිකාරිය මගින් ස්වයං රැකියා සඳහා ලබා දෙන රුපියල් ලක්ෂ 5ක ණය මුදලින් ආරම්භ කර ඇත.
ඔහුගේ මෙම ව්‍යාපාරය සම්බන්ධව අදහස් දැක්වූ රණවිරුවා, රම්බඩගල්ල මිරිදිය මත්ස්‍ය පාසලේ සතියක පුහුණුවකින් පසුව සුරතල් මසුන් ව්‍යාපෘතිය, මත්ස්‍ය ටැංකි 25කින් ආරම්භ කරන ලද බව සඳහන් කරන ලද අතර ඉදිරියේදී මෙම ව්‍යාපාරය තවදුරටත් පුලුල් කිරීමේ අරමුණින් සිටින බවත් ව්‍යාපාරයට වෙළද පොළක් සකස් කර දෙන්නේ නම් එය මහත් පිටුවහලක් බවත් වැඩිදුරටත් පවසන ලදී.