රුපියල් මිලියන 9.44 ක් වටිනා ආබාධිත සහායක උපකරණ රණක්ෂිතයට පත් රණවිරුවන් සදහා හිමිගැන්වෙයි
රු.මිලියන 9.44 මුදලක් වැය දරමින් දිවයින පුරා විසිරී සිටින රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා සකසන ලද වැලමිටෙන් පහළ විද්‍යුත් ක්‍රියාකාරී කෘත්‍රිම අත් 13 ක්,වැලමින් ඉහළ සාමාන්‍ය කෘත්‍රිම අත් 5 ක්, කෘත්‍රිම පාද 6 ක් සහ සායනික සපත්තු 3 ක් රණවිරුවන් වෙත ලබාදීම සදහා අදාල දිස්ත්‍රික්කයන් වෙත යොමු කිරීමට රණවිරු සේවා අධිකාරිය කටයුතු සිදුකර ඇත.
2021 වසර සඳහා රජයේ භාණ්ඩාගාරයෙන් රණවිරු සුබසාධනය සඳහා වෙන් කරන ලද මුදල් භාවිතා කරමින් මිලදී ගෙන ඇති මෙම ආබාධිත සහායක උපකරණ තොගය පළාත් නියෝජ්‍ය අධ්යක්ෂවරුන් හා දිස්ත්‍රික් නිලධාරීන් මගින් රණවිරුවන් වෙත ලබාදීම නිල වශයෙන් සංකේතවත් කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ.එච්. ලක්ෂ්මන් රණවිරුවා වෙත රු.ලක්ෂ 3ක් වටිනා වැලමිටට ඉහළ සාමාන්‍ය කෘත්‍රිම අත ප්රදානය කිරීම රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ මූලිකත්වයෙන් රණවිරු සේවා අධිකාරියේ දී සිදු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමාගේ ලේකම් බ්‍රිගෙඩියර් රෝෂන් තිරිමාන්න මහතා සහ පළාත් , පුනරුත්ථාපන හා පසුඋවටැන් අංශයේ වැඩසටහන් නිළධාරි නෙත්මි ගයත් ශ්‍රී ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.
ඉදිරියේ දී මෙම වැඩසටහන යටතේ දිවයිනපුරා විසිරී සිටින රණක්ෂිතයටපත් රණවිරුවන් සදහා කෘත්‍රිම පාද , වැලමිටෙන් පහළ විද්‍යුත් ක්‍රියාකාරී කෘත්‍රිම අත් , වැලමිටෙන් ඉහළ සහ පහළ සාමාන්‍ය කෘත්‍රිම අත් සහ සායනික සපත්තු ලබාදීමට නියමිතය.
මෙම ආබාධිත සහයක උපකරණ අදාල රණවිරුවන්ගේ දිස්ත්‍රික්කයන් වෙත යොමු කිරීම සඳහා රණවිරු සේවා අධිකාරිය වෙත අනුයුක්ත ත්‍රිවිධ හමුදා කාර්ය මණ්ඩලයේ සහයෝගය ද ලබා ගැනීමට නියමිතයි.