හෙළවිරු සුව සායන නුවරඑළිය වැඩසටහන සාර්ථකව අවසන් වෙයි
රණවිරු සේවා අධිකාරිය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන "හෙළවිරු සුව " සුව සායන වැඩසටහනෙහි නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන 2022.11.17 වන දින හගුරන්කෙත පුාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.
මෙහිදී දේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමිය විසින් බෝ නොවන රෝග නිවාරණය පිළිබදව රණවිරු ප්‍රජාව දැනුවත් කිරීමේ දේශනයක් සිදුකරන ලදී.
එමෙන්ම මෙම වැඩසටහනට සමගාමීව ආබාධිත රණවිරුවන් සදහා සහයක උපකරණ ( කෘතිම පාද, අත්වාරු, සායනික සපත්තු, බස්තම්) බෙදා දීමද සිදුකරන ලදි.
අනතුරුව පැමිණ සිටි රණවිරු ප්‍රජාව ආයුර්වේද වෛද්‍යවරුන් පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදෙන ලදී.
මෙම වැඩසටහන සදහා හගුරන්කෙත සහකාර පුාදේශීය ලේකම්තුමන්, සහකාර අධ්යක්ෂතුමන් හා පුාදේශීය ලේකම් කාර්යාලයේ රණවිරු විෂයභාර නිලධාරීතුමන්, හගුරන්කෙත දේශීය ආයුර්වේද මධ්‍යස්ථානයේ වෛද්‍යතුමිය ඇතුලු වෛද්‍ය කාර්යමණඩලයත්, රණවිරු සේවා අධිකාරියේ නුවරඑළිය දිස්තුික් නිලධාරිනි අජන්තා හේරත් මහත්මිය සහ රණවිරු සංසද සාමාජිකයන් සහභාගි වන ලදී.