කුරුණෑගල දිස්ත්‍රික්කයේ රණවිරු සංසද නියෝජිතයන් සමග වයඹ ආණ්ඩුකාරතුමන් විශේෂ සාකච්ඡාවක් පවත්වයි
වයඹ පළාත් ගරු ආණ්ඩුකාරවර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මැතිතුමන් විසින් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන රණවිරු සංසද 30ක නියෝජිතයින් සමග සුහද සාකච්ඡාවක් පසුගියදා කුරුණෑගල දී පැවැත්විය.
එහිදී රණවිරුවන් මුහුණ පාන ඉඩම් හා ඔප්පු,
විරුසර වරප්‍රසාද කාඩ් පත සම්බන්ධයෙන් පළාත තුළ තිබෙන ආයතන දැනුවත් කිරීම,රණවිරු දරුවන් පාසල් වලට ඇතුළත් කර ගැනීමේ දී මුහුණ පාන ගැටළු, රණවිරු දරුවන් රැකියා සඳහා යොමුකරවීමට රැකියා වෙළදපොලක් පැවැත්වීම,
ජංගම වෛද්‍ය සායන ඉදිරියේ දී පැවත්වීම වැනි කාරනා රැසක් ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා විය.
මෙහිදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් රණවිරු සංසද තිහක් නියෝජනය කරමින් සහභාගි වූ සංසද නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද ගැටලුවලට විසඳුම් කඩනමින් ලබාදීමට ආණ්ඩුකාරතුමාන් පොරොන්දු වු අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආබාධිත රණ්විරුවන් සඳහා ආබාධිත සහාය උපකරණ ලබාදීමද ගරු ආණ්ඩුකාරතුමා විසින් සිදු කරන ලදී.