රඹෑව රණවිරුවන් හට හෙළවිරු සුවධරණී සුවසායන වැඩසටහනක්
හෙළවිරු සුව ධරණී සුව සායන වැඩසටහනෙහි අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රථම වැඩසටහන පසුගිය දා රඹෑව රණවිරු ගම්මානයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.
මේ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් චන්දන තිලකරත්න, සංවර්ධන අධ්යක්ෂ දයානන්දන්, සහකාර ලේකම් චමල් තේනුවර, අනුරාධපුර ප්‍රජා සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ආනන්ද සමරනායක, ඇතුළු වෛද්‍ය නිලධාරීන් සහභාගි විය.
මෙහිදී දේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අරුණ ඉන්දික මහතා විසින් බෝ නොවන රෝග නිවාරණය පිළිබදව රණවිරු ප්‍රජාව දැනුවත් කිරීමේ දේශනයක් සිදුකරන ලදී.
එමෙන්ම මෙම වැඩසටහනට සමගාමීව ආබාධිත රණවිරුවන් සදහා සහයක උපකරණ ( කෘතිම පාද) බෙදා දිීම රණවිරු සේවා අධිකාරියේ උතුරු මැද පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ තුෂාර ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.
අනතුරුව පැමිණ සිටි රණවිරු ප්‍රජාව ආයුර්වේද වෛද්‍යවරුන් පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදෙන ලදී.
මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සදහා රඹෑව රණවිරු ගම්මානයේ, රඹෑව සංසදයේ හා මැදවච්චිය සංසදයේ රණවිරුවන් සහභාගි වන ලදී.
මෙම වැඩසටහන සඳහා අමාත්‍යාංශය විසින් රු මිලියන 1.8 ක ඖෂධ උතුරු මැද පළාත සදහා බෙදා දෙන ලදී.