ත්‍රිකුණාමලය රණවිරුවන් වෙනුවෙන් ජංගම වැඩසටහනක්
ත්‍ර්‍රිකුණාමලය දිස්ත්‍රික් ලමා හා කාන්තා ආරක්ෂණ ඒකකය හා රණවිරු සේවා අධිකාරි කාර්‍යාලය සහයෝගීව සංවිධානය කරන ලද ජංගම සේවා වැඩසටහන පසුගිය දා ත්‍ර්‍රිකුණාමලය ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය පරීශ්‍රයේදී පැවැත්වීය.
මෙම ජංගම සේවා වැඩසටහන මගින් වෛද්‍ය සේවා,නොමිලේ ඇස් කන්නාඩි බෙදාදීම, ආයුර්වේද වෛද්‍ය සායනය, සුව නාරි වෛද්‍ය සේවාව, නීති ආධාර සේවා හා ජාතික හැදුනුම්පත් සැකසීම සේවා යන සේවා ලබා දුන් අතර ගෝමරන්කඩවල හා මොරවැව රණවිරු සංසද නියෝජනය කරන රණවිරුවන් සහ එම පවුල් වල සාමාජිකයන් ඒ සදහා සහභාගි විය.