රණවිරු සේවා කාර්ය මණ්ඩලය වෙත පෞරුෂ සංවර්ධන පුහුණුවක් ලබා දෙයි
රණවිරු සේවා අධිකාරියේ කාර්යය මණ්ඩලය සඳහා පැවැති වර්ෂ අවසාන පුහුණුවීම් වැඩසටහන පසුගියදා උස්වැටකෙයියාව නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේදී පවත්වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ සේවයේ නියුතු ස්ථිර සහ අනුයුක්ත කාර්ය මණ්ඩලයේ සියලු සාමාජිකයන් සඳහා පැවති මෙම පෞර්ෂත්ව සංවර්ධන සහ නායකත්ව ගුණාංග දියුණු කිරීමේ වැඩමුළුවේ දී විශේෂ ආරාධිත දේශකයන් විසින් පෞරුෂ සංවර්ධනය, මානසික සංවර්ධනය සහ වඩා යහපත් රාජකාරි පරිසරයක් නිර්මාණය කර ගැනීම ආදී කරුණු පිළිබඳ උපදේශනය සිදු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ සභාපති, මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සංකල්පයක් මත සංවිධානය කරනු ලැබූ මෙම පුහුණු වැඩසටහන තුළදී අධිකාරියේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලය විසින් තම සහජ කුසලතා සහ දස්කම් උපයෝගී කර ගනිමින් ඉදිරිපත් කරන ලද විශේෂාංග ජවනිකා කිහිපයක් ද ඉදිරිපත් කලේය.
රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනි, සෝනියා කෝට්ටේගොඩ මහත්මිය, අධ්යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් නියෝජ්‍ය අධ්යක්ෂවරුන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහභාගි වන ලදී.