ශරීරාංග පුද කළ සාජන් මේජර් එම් ජී වික්‍රමරත්න රණවිරුවාගෙන්
ස්වයං රැකියා.....
ශ්‍රී ලංකා යුද හමුදාවේ 6 වන සිංහ රෙජිමේන්තුවේ සේවය කරමින් සිටියදී පළාලි වාසවිලාන්හිදී තුවාල ලබා වම් පාදය අහිමිව ආබාධිත තත්වයට පත්ව සිටින සාජන් මේජර් M.G. වික්‍රමරත්න රණවිරුවා සුවිශේෂී ස්වයං රැකියා ව්‍යාපෘති කිහිපයක්ම පවත්වා ගෙන යනු ලබයි.
පාසල් වියේදී විෂයයක් ලෙස මීමැසි පාලනය සම්බන්ධව හදාරා එම පරිචයෙන් නිවසට වී විශ්‍රාම සුවයෙන් ගත කරන කාලය අර්ථවත් ලෙස ගත කිරීමේ අරමුණින් යුතුව මී මැසි පාලනය ආරම්භ කර ඇත. මීමැසි ජනපද 50කින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය වෛරසයක් හේතුකොට ගෙන මුලුමනින්ම විනාශ වු බවත්, ස්ව උත්සාහයෙන් නැවත මීමැසි ජනපද 10කින් ස්වයං රුකියාව ආරම්භ කළ බවත් ඒ මහතා පවසා සිටින ලදී.
ඔහුගේ බිරිඳ විසින් සාර්ථකව ඇන්තූරියම් වගාවක් ද සිය ඉඩම තුළ සිදු කරගෙන යනු ලබන අතර ගුරු වෘත්තියේ යෙදෙමින් ස්වකීය සැමියාගේ දෑත් ශක්තිමත් කරමින් ඇන්තූරියම්, ඕකිඩ් සහ ලිප්ටිප් මල් වගාව සාර්ථකව සිදු කරගෙන යනු ලබන ඔහුගේ බිරිඳ මී මැසි පාලනයට ද විශාල සහයෝගයක් ලබා දෙන බව දන්වා සිටින ලදී.