ගාල්ල දිස්ත්‍රික්කයේ රණවිරුවන් වෙනුවෙන් විශේෂ සායන වැඩසටහනක්
"හෙළවිරු සුව ධරණී" සුව සායන වැඩසටහනෙහි ගාල්ල දිස්ත්‍රික් ප්‍රථම වැඩසටහන පසුගිය දා මාපලගම රණවිරු ගම්මානයේදී පවත්වන ලදී.
මේ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස් කරුණා හේවගෙ මැතිණිය, ගාල්ල ප්‍රජා සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ගයානි මංජුලා මනතුංග මැතිණිය, ඇතුළු වෛද්‍ය නිලධාරීන් සහභාගි විය.
මෙහිදී දේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් විජිතමුල්ල හා ජි.වි.සි.ද සිල්වා යන මහත්වරුන් විසින් කායික පොෂණය හා මානසික පොෂණය සම්බන්ධව රණවිරු ප්‍රජාව දැනුවත් කිරීමේ දේශන 2ක් සිදුකරන ලදී.
එමෙන්ම මෙම වැඩසටහනට සමගාමීව පැමිණ සිටි රණවිරු ප්‍රජාව ආයුර්වේද වෛද්‍යවරුන් පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදෙන ලදී.
මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සදහා මාපලගම රණවිරු ගම්මානයේ, නාගොඩ සංසදයේ හා නියාගම සංසදයේ රණවිරුවන් සහභාගි වන ලදී.