මාතලේ දිස්ත්‍රික්කයේ රණවිරුවන් වෙනුවෙන් සුව සායන වැඩසටහනක්
"හෙළවිරු සුව ධරණී" සුව සායන වැඩසටහනෙහි මාතලේ දිස්ත්‍රික් ප්‍රථම වැඩසටහන මාතලේ අලුවිහාරය රණවිරු ගම්මානයේ හා මාතලේ සංසදයේ සාමාජිකයන් 130 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය දා අලුවිහාරය විහාරස්ථානයේ දී පවත්වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් වැඩසටහන් නිළධාරිනි තනූජා දර්ශණී මහත්මියගේ සංවිධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සදහා මාතලේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නයෝමි සේනානායක මහත්මිය ඇතුළු වෛද්‍යවරුන් තිදෙනකක් සම්බන්ධ විය.
මෙහිදී දේශීය කායික පොෂණය හා මානසික පොෂණය සම්බන්ධව රණවිරු ප්‍රජාව දැනුවත් කිරීමේ දේශනයක් සිදුකරන ලදී.
එමෙන්ම මෙම වැඩසටහනට සමගාමීව පැමිණ සිටි රණවිරු ප්‍රජාව ආයුර්වේද වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදෙන ලදී.