අනුරාධපුර දිස්ත්‍රික්කයේ රණවිරුවන් 7 දෙනෙකු සඳහා සහායක උපකරණ ලබා දෙයි
රණවිරු සේවා අධිකාරියේ උතුරු මැද පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක තුෂාර ජයසිංහ
මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහනේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ රණවිරු සංසද නියෝජනය කරන රණවිරුවන් 7 දෙනෙකු සදහා අබාධිත සහයක උපකරණ ප්‍රධානය කරන ලදී.
මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත ලෙස අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙහි ප්‍රධාන ගණකාධිකාරී තුමා සම්බන්ධ විය.
මෙම වැඩසටහනට සමගාමීව නව දිස්ත්‍රික් නිලධාරී පී.ආර්.ජි විජයවික්‍රම මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩ බාර ගැනීමද සිදු විය.