අම්පාර රණවිරුවන් වෙනුවෙන් විශේෂ වෛද්‍ය සායනයක්
හෙළවිරු සුව ධරණී සුව සායන වැඩසටහනෙහි අම්පාර දිස්ත්‍රික් වැඩසටහන පසුගිය දා නවගම්පුර රණවිරු ගම්මානයෙහි ප්‍රජා ශාලාවේදී පවත්වන ලදී.
මේ සදහා දමන ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දුල්කා මහත්මිය හා වෛද්‍ය දර්ශිලා මෙනවිය ඇතුලුව කාර්ය මණ්ඩලයෙහි නිලධාරීන් වැඩසටහන සදහා සම්බන්ධ විය.
මෙහිදී දේශීය කායික පොෂණය හා මානසික පොෂණය සම්බන්ධව රණවිරු ප්‍රජාව දැනුවත් කිරීමේ දේශනයක් සිදුකරන ලදී.
එමෙන්ම මෙම වැඩසටහනට සමගාමීව පැමිණ සිටි රණවිරු ප්‍රජාව ආයුර්වේද වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදෙන ලදී.
\
මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සදහා දමන, අම්පාර රණවිරු සංසදයන්හි සාමාජිකයන් 80 කට ආසන්න පිරිසක් සහභාගී වන ලදී.