මාතර දිස්ත්‍රික්කයේ රණවිරුවන් වෙනුවෙන් විශේෂ වෛද්‍ය සායනයක්

"හෙළ විරු සුව ධරණී " මාතර දිස්ත්‍රික්ක වැඩසටහන මාතර දිස්ත්‍රික් වැඩසටහන් නිළධාරි එච්.එල්.සී ශිරාන් මහතාගේ සහභාගීත්වයෙන් මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රණවිරු සංසද සාමාජිකයන් 100ක ගේ සහභාගීත්වයෙන් ඉතාමත් සාර්ථකව පවත්වන ලදී.
මේ සදහා මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ඩ්බ්.ජේ.පී අනුර මහතා, මාතර ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි නිශානි හෙන්ද්‍රිවිතාරන මහත්මිය, වෛද්‍ය එන්.ඒ සේනාධීර මහතා, වෛද්‍ය සුජානි කෝදාගොඩ මහත්මිය, වෛද්‍ය බුද්ධිකා ලියනගේ මහත්මිය සහ ආයුර්වේද සංවර්ධන නිළධාරි පි.වී රේණුකා මහත්මිය සම්බන්ධ විය.