මාතලේ රණවිරු පවුල්වල සාමාජිකයන් සඳහා තිර රෙදි නිර්මාණකරණය පිළිබඳ පුහුණුවක්
මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට හා අඹන්ගගකෝරළේ සංසද සාමාජිකයන්ගේ ඉල්ලීමකට අනුව තිර රෙදි නිර්මාණකරණය පිළිබඳ පුහුණු වැඩසටහන, රත්තොට ව්‍යවසායක සංවර්ධන නිලධාරිතුමියගේ මගපෙන්වීම යටතේ ,මධ්‍යම පළාත් සභාවේ සම්පත් දායිකායිකාවක් වන අනෝමා කුමාරි මහත්මිය විසින් මෙහෙයවන ලදි.
මාතලේ දිස්ත්‍රික් වැඩසටහන් නිළධාරිනි තනුජා දර්ශනී මහත්මියගේ සංවිධානයෙන්
2022.12.09 හා 2022.12.10 යන දෙදින තුලදී මෙම පුහුණු වැඩමුළුව රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාර්ථකව අවසන් කරන ලදි.
මෙම වැඩසටහන රණවිරු බිරින්දෑවරුන් හා රණවිරු දරුවන් 25 උදෙසා පැවැත්විණි.
මේ සදහා සහභාගි වූ සියලුම සාමාජිකයන් සදහා කේවල හා කණ්ඩායම් වශයෙන් පුහුණු කිරීම සිදු වූ අතර පුහුණු වැඩමුළුව අවසානයේදී තමන් විසින්ම සාම්පල වශයෙන් තිරරෙදි නිර්මාණකරණය කරන ලදි.මෙම පුහුණු වැඩමුළුව මගින් ඉදිරි අනාගතයේදී ව්‍යවසායකයන් බිහි වීම අපේක්ෂා කරනු ලැබේ.