අලව්ව රණවිරුවන් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්
රණවිරු සේවා අධිකාරියේ විශ්‍රාමික රණවිරු හා විශේෂ ව්‍යාපෘති අංශයේ දායකත්වයෙන් ක්‍රියාන්විත රාජකාරියේදී රණක්ෂිතයට පත් රණවිරුවන් හා සංසද සාමාජිකයන් යොදා ගනිමින් කාබනික පොහොර භාවිතය, ගෙවතු වගාව, වී ගොවිතැන නගා සිටවිමේ වැඩසටහනක් අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පසුගිය දා පැවැත්වුනි.
දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී සත්සර පතිරාජ මහතාගේ සංවිධානයෙන් පැවැත් වූ මෙම වැඩසටහන සදහා අලව්ව රණවිරු සංසද සාමාජිකයන් සහභාගි විය.
රණවිරු සේවා අධිකාරියේ විශ්‍රාමික සුභසාධක අංශයේ කෝප්රල් සුමිත් කුමාර මහතා හා කලාප කෘෂි නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් සාර්ථකව පවත්වන ලද අතර ඊට සමගාමීව අලව්ව රණවිරු සංසදය විසින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී දරුවන් සදහා පොත්පත් ප්‍රධානය අලව්ව ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.