2023 නව වසරේ රාජකාරි කටයුතු ඇරඹෙයි.
රණවිරු සේවා අධිකාරියේ 2023 නව වසර සඳහා රාජකාරි කටයුතු ඇරැඹීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් 2023 ජනවාරි මස 02 වන සදුදා දින රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී සංවිධානය කරන ලදී.
මෙහිදී රණවිරු සේවා අධිකාරියේ රාජකාරි කරනු ලබන ස්ථිර සහ අනුයුක්ත කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් සහ දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නව වසරේ රාජකාරි කටයුතු ඇරඹීම, අපේක්ෂිත ඉලක්කයන් සපුරා ගැනීම සහ මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් එහි සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන් විසින් 2023 නව වසර සඳහා අපේක්ෂිත ඉලක්කයන් සහ පසුගිය වසරේ සිදු කරන ලද කාර්යයන් පිළිබඳව ඇගයීමක් සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනි සෝනියා කෝට්ටේගොඩ මහත්මිය, අධ්යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති තුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න ඇතුළු කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් සම්බන්ධ විය.