2023 වසර සදහා ආබාධිත සහායක උපකරණ අවැසි රණක්ෂිතයටපත් රණවිරුවන් හදුනාගැනීම
රණවිරු සේවා අධිකාරිය රණක්ෂිතයටපත් රණවිරුවන් සදහා සුබ සාධන කටයුතු සිදුකරන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයයි. දිස්ත්‍රික් මට්ටමින් රණවිරුවන්ගේ අවශ්‍යතා ඉතා සමීපයෙන් සොයා බැලීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර් යාල මට්ටමින් රණවිරු සංසද ජාලයක් පිහිටුවා ඇත. සංසද සාමාජිකත්වය ලබා ගැනීම හරහා සෘජුව රණවිරු සේවා අධිකාරියේ ප්රතිලාභ පිළිබදව දැනුවත් විය හැකිය.
ක්‍රියාන්විතයේ දී රණක්ෂිතයටපත් (වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගන්වන ලද)රණවිරුවන් සදහා 2023 වසරේ දී රණවිරු සේවා අධිකාරිය වෙතින් ආබාධිත සහායක උපකරණ ලබාදීම සදහා සහායක උපකරණ අවශ්‍යතාවය සහිත රණවිරුවන් හදුනාගැනීමේ අපේක්ෂාවෙන් මෙම තොරතුරු රැස් කරනු ලැබේ.
මෙය ආබාධිත සහායක උපකරණ ඉල්ලීම් පත්‍රයක් නොවන අතර දිස්ත්‍රික් මට්ටමින් අයදුම් පත්‍ර නිකුත් කිරීමේ දී සංසද සාමාජිකත්වය ලබා නොගත් රණවිරුවන් හදුනා ගැනීමේ අරමුණින් මෙම තොරතුරු රැස් කර ගන්නා බව කාරුණිකව සලකන්න.
ක්‍රියාන්විතයේ දී රණක්ෂිතයටපත් (වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගන්වන ලද) රණවිරුවන් සදහා පමණක් මෙය වලංගු වන බව වැඩිදුරටත් දන්වා සිටිමි.
මෙම පෝරමය පුරවන්න -
https://docs.google.com/forms/d/e/1FAIpQLSd5yfPQ6d2266alwI3k_aFg2En9GZja5cLweEpHd6XKT-ov-w/viewform?usp=sf_link