පොළොන්නරුවට රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහනක්
රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රණවිරු සංසද නියෝජිතයින් සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී 2023 ජනවාරි මස 11 වන දින පවත්වන ලදී.
මෙම රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රණවිරු සංසද නියෝජනය කරන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සියයකට ආසන්න පිරිසක් සහභාගි විය.
මෙම වැඩසටහන උතුරු මැද පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක තුෂාර ජයසිංහ මහතා සහ පොළොන්නරු දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී එස්.ජී.කේ චතුරංග ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණයෙන් මනාව සංවිධානය කොට තිබුණි.
පොළොන්නරුව දිස්ත්‍රික් සහකාර දිස්ත්‍රික් ලේකම් ඩී එස් මුතුමාලී මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වෙමින් රණවිරු ප්‍රජාව උදෙසා කෙටි දේශනයක් පවත්වන ලද අතර ආබාධිත රණවිරුවන් සඳහ ආබාධිත සහායක උපකරණ බෙදා දීමක් ද මෙහි දී සිදුවිය.
පොළොන්නරු දිස්ත්‍රික්කයේ රණවිරු සංසද සාමාජිකයන් මුහුණ දෙන ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය කරන ලද අතර ඒවාට විසඳුම් ලබා දීම සඳහා ජංගම සේවා කඳවුරක් ද මෙහිදී පැවැත්විණි.
රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පළාත් නියෝජ්‍ය අධ්යක්ෂවරුන්, අංශ ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මෙම රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන සඳහා සහභාගී විය.