අනුරාධපුර දිස්ත්‍රික්කයේ රණවිරුවන් වෙනුවෙන් විශේෂ වෛද්‍ය සායන වැඩසටහනක්
හෙළවිරු සුව ධරණී සුව සායන වැඩසටහනෙහි අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෙවන වැඩසටහන උතුරු මැද පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක තුෂාර ජයසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ පසුගිය දා ගල්නෑව රණවිරු ගම්මානයේ දී සාර්ථකව පවත්වන ලදී.
මේ සදහා රණවිරු සංසද නියෝජිතයන් 80ක පමණ පිරිසක් සම්බන්ධ වන ලදී.
මේ සදහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ගල්නෑව බල ප්‍රදේශය භාරව කටයුතු කරන ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එම්.එෆ්.අස්මියා මහත්මිය, ඉපලෝගම බල ප්‍රදේශය භාරව කටයුතු කරන ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අමාලි ගීතාන්ජලී පෙරේරා මහත්මිය ඇතුළු කාර්යාලය මණ්ඩලය සහභාගී වන ලදී.
මෙහිදී වෛද්‍ය නිලධාරිනියන් විසින් බෝ නොවන රෝග අවබෝධයෙන් වළක්වා ගනිමු මැයෙන් දේශනයක් පවත්වන ලදී.
එමෙන්ම මෙම වැඩසටහනට සමගාමීව පැමිණ සිටි රණවිරු ප්‍රජාව ආයුර්වේද වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදෙන ලදී.