විරු සරු කාඩ්පත් හිමි රණවිරුවන් වෙත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් සුබ පණිවිඩයක්
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් දිවයින පුරා විවිධ ක්ෂේත්රයන් ආවරණය කරමින් ක්‍රියාවට නංවා තිබෙන ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන් දෙසීයක් අතුරෙන් තම හැකියාවන් අනුව තෝරා ගන්නා එක් පාඨමාලාවක් හැදෑරීම සඳහා සම්බන්ධ වන විරුසරු කාඩ් පත් හිමි රණවිරු ප්‍රජාව වෙත එම පාඨමාලාව නොමිලේ අධ්‍යයනය කිරීමේ අවස්ථාව ලබා දීමට එකඟතාවය පලකොට ඇත.
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර විශ්‍රාමික මහතාගේ විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා විසින් මෙම විශේෂ කෘතගුණ දැක්වීම රණවිරු ප්‍රජාව වෙනුවෙන් සිදු කිරීමට එකගතාවය පළ කරන ලදී.
ඒ අනුව දිවයින පුරා විසිරී සිටින විරුසරු කාඩ් පත් හිමි රණවිරුවන් සඳහා මෙම ව්‍යවසායක සංවර්ධන පාඨමාලා සඳහා නොමිලේ සම්බන්ධ වීමේ හැකියාව පවතී.
මේ සබැඳිව උනන්දුවක් දක්වන රණවිරුවන් දිස්ත්‍රික් සහ පළාත් නිලධාරීන් හරහා පළාත් හා විශේෂ ව්‍යාපෘති අංශය වෙතින් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට කටයුතු කළ යුතුය.