හලාවතට රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහනක්
රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන් මාලාවේ තෙවන වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයේ රණවිරු සංසද නියෝජිතයින් සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් හලාවත දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී 2023 ජනවාරි මස 24 වන දින පවත්වන ලදී.
මෙම රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ රණවිරු සංසද නියෝජනය කරන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සියයකට ආසන්න පිරිසක් සහභාගි විය.
මෙම වැඩසටහනේදී රණවිරු සංසද සාමාජිකයන් මුණගැසී ඔවුන්ගේ සංසද ආශ්රිත පාලන ගැටළු සාකච්ඡාවට භාජනය කිරීම සිදුවිය.
රණවිරු සංසද ශක්තිමත් කරමින් රණවිරු ප්‍රජාව වෙත වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම සේවයක් සැපයීමේ අවශ්‍යතාව පිළිබඳ සභාපතිතුමන් ඔහුගේ දේශනයේ දී විශේෂ අවධානයක් යොමු කරන ලදී. සභාපතිතුමා විසින් පසුගිය වසර තුනක කාලය තුළ පුත්තලම දිස්ත්‍රික් රණවිරුවන් සදහා රණවිරු සේවා අධිකාරිය සිදුකරන ලද කාර්යභාරයන් පිළිබඳ ඉතා දීර්ඝ විස්තර වාර්තාවක් සභාව හමුවේ ඉදිරිපත් කලේය. එමෙන්ම රණවිරු පවුල්වල සාමාජිකයන් සවිබල ගැන්වීම සඳහා සිදු කළ යුතු වෙනස්කම්, කාලීන යෝජනාවන් පිළිබඳ අදහස් විමසීමක් ද මෙම විශේෂ කථාවාරය අතරතුරදී සිදු කළේය.
මෙම වැඩසටහන වයඹ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක භාග්‍ය ගමගේ මහතා සහ පුත්තලම දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරිනී මනෝරි කුමාරි මහත්මිය ගේ අධීක්ෂණයෙන් මනාව සංවිධානය කොට තිබුණි.
හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියද මෙම අවස්ථාවට සහභාගී වෙමින් රණවිරු ප්‍රජාව උදෙසා විශේෂ ශක්තියක් ලබා දෙන ලදී.
රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පළාත් නියෝජ්‍ය අධ්යක්ෂවරුන්, අංශ ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මෙම රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන සඳහා සහභාගී විය.