පුත්තලම දිස්ත්‍රික්කයේ රණවිරු ගැටළු විසඳීමට සභාපතිතුමන් එක්වෙයි

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සංකල්පයකට අනුව දිවයිනේ දිස්ත්‍රික් මට්ටමෙන් රණවිරුවන් වෙත ගොස් ඔවුන්ගේ ගැටළු සොයා බලා ඒ සඳහා එකම ස්ථානයකදී පිළිතුරු සැපයීමේ ජංගම වැඩසටහන් මාලාවේ තෙවන වැඩසටහන පසුගියදා හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාර්ථකව පැවැත්වීය.

මෙම විශේෂ ජංගම රණවිරු සුබසාධන වැඩසටහනේදී පුත්තලම දිස්ත්‍රික්කයේ රණවිරු සංසද සාමාජිකයන් මුහුණ දෙන ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය කරන ලද අතර ඒවාට විසඳුම් ලබා දීම ද සිදු කරන ලදී.